Monday, March 9, 2009

ප්‍රතිසංවර්තනය පිළිබඳ නිදසුනක්

[This article is written in Sinhalese unicode typescript]

ප්‍රතිසංවර්තනය පිළිබඳ නිදර්ශනයක් දිවයින පුවත්තෙහි සඳහන්ව තිබිණ:

ඒ කෙසේ වෙතත් බෞද්ධයන් අතර නිමල බූදුදහම පතුරවමින්, අසරණ, දුප්පත් බෞද්ධයන්ගේ නැණ නූවන පහදන කලකිරී වෙනත් ආගමකට යොමූ වීමේ අඳුරින් ඔවූන් ගලවා ගන්නට තම මූළු ශ්‍රමයත්, කාලයත් වැය කරන උතුම් හිමිවරුද අතළොස්සක් අප අතර සිටින බවද සඳහන් කළ යූතුය. බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට හැරවීමේ සාර\ථක ව්‍යාපරයක් දහම ඔස්සේම ව්‍යර\ථ කළ එක් අවස්තාවක් ගැන සඳහන් කරන්නට මම කැමැත්තෙමි.

මෑත කාලයේදී පවූල් පනහක් පමණ ජීවත් වූ ඇඹිලිපිටියේ සූරියවැව ප්‍රදේශයේ එක් ගමක ඒ සියලු බෞද්ධ පවූල් ක්‍රිස්තියානියට හැරවීමේ ක්‍රියාවලියක් ඇරුඹිණ. ඉතා ප්‍රබල රාජ්‍ය නොවන සංවිධානයක පූර\ණ අනූග්‍රහය සහිතව ගම්වැසියනට කෑම, බීම, වස්ත්‍රාභරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය අල්ලස් වශයෙන් ලබා දී පවූල් පනහම ක්‍රිස්තියානි ලබ්ධිකයන් කිරීමට මෙම ව්‍යාපාරය සමත් විය.

සේනාධීර නම් වූ එක් විශ්‍රාමික පින්වත් ගුරු පියෙක් මෙ ගම විසූවේය. මේ ගමතුළ හා වට පිටාවේ පල්ලි තුනක් ගොඩ නැංඟවීමේ කටයූතුද ඇරුඹෙමින් තිබිණ. සේනාධීරයෝ මේ පිළිබඳව දැඩි කම්පාවෙන් පසූ වූහ. නිවසක් හා සෑහෙන ඉඩ කඩම් ප්‍රමාණයක හිමිකරුව සිටි මෙතුමා මිය පරලොව ගිය පසූ එතුමාගේ දරුවෝ පියාගේ ඉල්ලීම මත අපේ පින්වත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට මහමෙවූනා අසපූවක් සඳහා නිවස සහ ඉඩම පූජා කළහ. උන්වහන්සේ එම නිවස භාරගෙන සූරියවැව මහවෙවූනා අසපූව ආරම්භ කළ සේක, එහි පාලනය පූජ්‍ය ගිංතොට විමල හිමියන්ට භාරවිය. මෙහිදී කළ යූතු වැදගත්ම කරුණ වූයේ බූදු දහම අතහැර ගියපවූල් පනහ නැවත බදු දහමෙහි පිහිටූවීමය. සේනාධීර මහතාගේ බලාපොරොත්තුව වූයේ ද එයමය.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විමල ස්වාමීන් වහන්සේට උපදෙස් දුන්හ. ඒ සෑමදාකම උදේ රුයින්ම එම ගමට පිඬූ සිඟා වඩින ලෙසටය. පළමූ දවසේ එම ගමට පිඬූ සිඟා වැඩි විමල හිමියන්ටත් අනෙක් හිමියන්ටත් කිසිම දානයක් ලැබූණේ නැත. දෙවන දවසේත් එසේමය. උත්සාහය අත හැරියේ නැත. තුන්වන දවසේත් වැඩියහ. කිසිවක් ලැබූණේ නැත. එසේ වූවද ඤාණානන්ද හිමියන්ගෙන් ලැබෙන උපදෙස් මත දිනපතාම පිඬූසිඟා වැඩීම ද සිදුවිය. දින කීපයකට පසූ එක දිනයක කුඩා ළමයෙක් පැමිණ දන් ටිකක් පිළිගැන්වූයේය. ඊළඟ දවසේ එක් නිවසක සිටි කාන්තාවක්ද පැමිණ දන් ටිකක් පිළිගැන්වූවාය. දන් පිළිගිගන්වන විට වැඳ නමස්කාර කරන්නැයි ස්වාමීන් වහන්සේ පැවසූහ.

"නැහැ. අපි ක්‍රිස්තියානි. හාමූදුරුවන්ට වඳින්නේ නැතැ"යි ඇය කීවාය.

"ඒකට කමක් නැහැ කොයි ආගමක වූණත් සිල්වත් භික්ෂූවකට වැඳීමෙන් පින් සිදුවෙනවා" උන්වහන්සේ පැවසූහ.

ඇය නමස්කාර කළාය. හැකි නම් මේ ළඟ ඇති අසපූවට පැමිණෙන ලෙසද ඉල්ලීමක් කළහ. එහෙත් කිසිවෙක් පැමිණියේ නැත. එසේ ටිකෙන් ටික දානයදීම ආරම්භවිය. දිනක් සවස කාන්තාවන් කිහිප දෙනෙක් ළමයින් සමඟ අසපූවට පැමිණියහ. ස්වාමීන් වහන්සේ කරුණාවෙන් ධර\ම කියාදීම ආරම්භ කළහ. උත්සාහය සාර\ථක විය. මාස හයක් ගත වන විට එම ගමේ සියලු දෙනාම නැවත බෞද්ධයන් බවට පත් වූහ.

ඔවූහූ අසපූව විශාල කළහ. බූදු මැදුරක් ඉදි කළෝය. එකවර පන්දහසකට වැඩි පිරිසකට ඉඩ සැලසෙන විශාල ධර\ම ශාලාවක් ද ඉදිවිය. ඊට දායක විමට මටද අවස්ථාව ලැබිණ. දැන් සෑම පෝයකටම පන්දහසකට වැඩි පිරිසක් සිල් සමාදන් වෙති


දිවයින (පෙබරවාරි 15. 2009)

No comments:

Post a Comment