Tuesday, February 10, 2009

සිහිනෙන් ඇදුණු ලොතරැයියෙන් උද්දාම වී දෙදහසක් වැයකර මිතුරන් සමග විනෝදවෙලා!

[This article is written in Sinhalese unicode typescript]
රුපියල් ලක්‍ෂ දහයක ලොතරැයියක් තමාට ඇදෙනු සිහිනෙන් දුටු පුද්ගලයකු පසුදින අවදි වී ඒ සතුටට තමන් අත තිබූ රුපියල් දෙදහසක මුදලින් මිතුරන් සමඟ විනෝදවීමේ පුවතක් මහනුවර ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.

සිද්ධිය සැකෙවින් මෙසේය.

මහනුවරට නුදුරු ගම්මානයක පදිංචි මොහු වෘත්තියෙන් කම්කරුවෙකි. ඒවගේම දිනපතා ලොතරැයි මිලදී ගැනීමටද දක්වන්නේ විශේෂ උනන්දුවකි. ලොතරැයි දිනුම් ගැන නිතරම පේන බලන මොහු අවසානයට බැලූ පේනයෙන් කියා තිබුණේ රුපියල් ලක්‍ෂ දහයක් ඇදෙන බවකි.

මේ ගැන හිත හිතාම සිටි මොහුට දිනක් නින්දේදී තමන් මිලදී ගත් ලොතරැයියට රුපියල් ලක්‍ෂ දහයක් ඇදී ඇති බවයි.

රැයක් එළිවෙනතුරුම ලොතරැයි ජය ගැන සිහින දුටු මොහු අවදි වීමෙන් පසුවද එය අමතක කළේ නැත. නින්දෙන් අවදිවුණු ඔහු සිතුවේ තමන්ට සත්‍ය වශයෙන්ම ලොතරැයියක් ඇදී ඇති බවයි.
උදෙන්ම ගමේ කඩ පොළට ගිය මොහු මිතුරන් කිහිප දෙනෙකුද එක් කරගෙන නගරයට ගොස් තමන් අත තිබූ දින ගණනක් තිස්සේ කුලී වැඩ කර හොයා ගත් රුපියල් දෙදහසක් වියදම් කර මිතුරන් සමග කාබී විනෝද වූයේ රුපියල් ලක්‍ෂ දහයක් නිසැක වශයෙන් ලැබෙන බැවිනි. මේ වන විටත් මිතුරාගේ මේ සත් ගුණවත් පරිත්‍යාගයට හේතුව නොදත් මිතුරන් ඔහුගෙන් හේතුව විමසන විට ඔහු අත තිබූ රුපියල් 2000 ක මුදලම අවසන් වී තිබිණ.

ලොතරැයි සිහිනයේ නිමග්නව සිටි මොහුට පියවි සිහිය ලැබෙන විට සියල්ල අවසන්වී සාක්කුවද හිස්වී තිබිණ.

1 comment:

  1. translate, please. we can only understand the 2000 part. 3:(

    ReplyDelete